Battery Care වැඩසටහන…

කොහොමද ඉතින්..ආහ්?.කලින් පෝස්ට් එකේ මං කියලා දුන්නෙ සිංහල උපසිරැසි හදන විදියනේ. ඒක බලපු නැති කස්ටිය මෙතනින් ගිහින් ඒක බලන්නකෝ…

එහෙනම් අද වැඩේට බහිමුකෝ…

ඔන්න මං ගිය පෝස්ට් එකේ කිව්ව වගේ මේ සතියේ ගෙනාවේ ලැප් පාවිච්චි කරන අයට ගොඩාක් වැදගත් වන සොෆ්ට්වෙයාර් එකක්.ලැප් එකක් පාවිච්චි කරන කොට එන ප්‍රධානම ගැටළුව බැටරිය ඉක්මනට බහින එකනේ. මේ ප්‍රශ්නෙ අලුත් බැටරියක් නොදා , ෂේප් කර ගන්න පුලුවන් බැටරි එක හොදට නඩත්තු කරොත්. ඒ කියන්නෙ ඔය මාසෙකට සැරයක් වගේ සම්පූර්ණෙන්ම බැටරිය බහින්න දීලා චාර්ජ් කරන් එක වගේ වැඩ. ඒත් ඉතින් අපිට තියන වැඩත් එක්ක (ඇති වැඩකුත් නෑ හැබැයි) ඕවා මතක් වෙනවයි නේද?.. ඒක හන්දා තමයි මේ Battery Care වැඩසටහන වැදගත් වෙන්නෙ.මේක බැටරි කළමණාකරන වැඩසටහනක්.මේ වැඩසටහන මගින් පවර් ප්ලෑන්ස් ක්‍රියාත්මක කිරීම වගේ වැඩ ගොඩක් කරන්න පුලුවන්. වැඩිය විස්තර කරන්න ඕන නෑ,මෙන්න එහෙනම් ලින්ක් එක ගිහින් බාගන්නකෝ…

download_button(සැ.යු.:- මෙම බ්ලොග් අඩවිය තුළ දී ඇති  link මගින්  යමක් බා ගත කර ගැනීමේදි ,පලමුව විවෘත වන window වෙහි  තත්පර 5කට පසු දකුනු පස ඉහල  දිස් වන ” Skip Ad” යන්න මත click  කිරීමෙන් පසුව අදාළ බාගත කිරීම් සිදු කර ගත හැක. )

බාගෙන සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කර ගෙන් පාවිච්චි කරන්න. මාත් පාවිච්චි කරන්නෙ ලැප් එකක් හන්දා මේ වැඩසටහන මටත් ගොඩක් ප්‍රයෝජනවත් වුනු එකක්.ඔයාලටත් වැදගත් වේවි සමහර විට. අදට වැඩ මෙතනින් ඉවරයි ඔන්න.

එහෙනම් තවත් වැදගත් දෙයක් එක්ක ලගදිම හමුවෙමු.

ජයෙන් ජය!

ලසා (laza)

වැඩේ හොදයි වගේනම් මෙතනින් ගිහින් පොඩි FB Like  එකක් දාන්න…

1 responses to “Battery Care වැඩසටහන…

  1. පින්ග්කිරීම: නැතිවූ දත්ත නැවත ලබා ගන්නා හැටි… | හැමදේම

ප්‍රතිචාරයක් ලබාදෙන්න