Torrent වලින් වැඩක් ගමු… සරලව…

ටික දවසකට පස්සෙ ඔන්න එහෙනම් මං මගේ  අටවෙනි ලිපියත් දානවා. ගිය පාර මං කියලා දුන්නෙ රිකවරි වැඩසටහන් වලටත්
අහු නොවෙන්න ඩේටා ඩිලීට් කරන සොෆ්ට්වෙයාර් 2ක් ගැනනෙ.. ඒක කියවපු නැති අය මෙතනින් ගිහින් ඒ ගැනත් කියවන්නකෝ. හරි එහෙනම් අද මං කියලා දෙන්න යන්නෙ ටොරන්ට් ගැන. මුලින්ම කියන්න ඕන දෙයක් තියනවා. ඒ තමයි මේ ලිපියේ අඩංගු ගොඩක් කරුණු මං හොයා ගත්තෙත් සිංහල ඉංග්‍රීසී බ්ලොග් වලින් තමයි. ඒත් මේකෙන් මං කියල දෙන්නෙ ඒ ඔක්කොම ලිපි වල කරුණු වල සාරාංශයක් වගේම මටත් අහු වුන පොඩි පොඩි වැඩ ටිකකුත් එක්ක. ඊටත් කලින් ඒ බ්ලොග් වල අයිතිකරුවන්ට මගේ ස්තූතිය… මොකද මාත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තෙ ඔවුන්ගේ බ්ලොග් වලින් නිසා.

ටොරන්ට්  යනු, 

ඇත්තටම ටොරන්ට් ෆයිල් එකක් කියන්නේ ඉතාමත් කුඩා අඩු ධාරිතාවයකින් යුතු ෆයිල් එකක්. හැබැයි මේකේ අපිට ඕන ප්‍රමාණයක ධාරිතාවක් සහිත ෆිල්ම් එකක්, සොෆ්ට්වෙයාර් එකක් , ගේම් එකක්, නැත්නම් ඊ බුක් එකක් වැනි ඕනෑම දෙයක් පිළිබද තොරතුරු අඩංගු කර තබන්න තොරතුරු කිව්වේ ඒ අඩංගූ කරන ෆයිල් එකේ ධාරිතාවය, නම, ලින්ක් එක වගේ දේවල්. කොහොමහරි දුප්පත් අපි වගේ අයට ෆිල්ම්ස් හෙම ඩවුන්ලෝඩ් කරගන්න තියන පහසුම ක්‍රමේ තමා මේක.

ටොරන්ට් ෆයිල් එකක් හොයා ගන්නේ කොහෙන්ද?

මේ වැඩේට තමා ටොරන් සර්ච් එන්ජින්ස් තියෙන්නේ. පහළ තියන ලින්ක් වලින් ගිහින් සර්ච් එන්ජින් ටික බලන්නකෝ.

kickass
torrentz.eu
bitsnoop.com
www.torlock.com
thepiratebay.sx
www.torrents.to
extratorrent.cc

1.හරි ටොරන්ට් ෆයිල් එකක් සර්ච් කරනහැටිත් මං කියලම ඉන්නන්ම්කෝ.. මං වැඩේට පාවිච්චි කරන්නේ Torrentz.eu කියන එක. මුලින්ම අපි ටොරන්ට් සර්ච් එන්ජින් එකකට     ගිහින් අපිට ඕන කර ෆිල්ම් එක හරි මොකක්හරි එකේ නම ගහලා සර්ච් කරන්න ඕන.

1

2.ඊළගට එන ටොරන්ට්ස් ලිස්ට් එකෙන් අපි වැඩියෙන්ම peers  තියන ලින්ක් එකක් තෝර ගන්න ඕන. ඒ වගේම ඒකෙ හොදට සීඩ්ස් තියෙන්නත් ඕන.  සීඩ්ස් කිව්වේ අපි දැන් ඔය බාගත්තට පස්සේ ආපහු තවකට්ටියට දෙන අය ප්‍රමාණය කියන එක. ඒ ගාන වැඩි වෙන්න් වැඩි වෙන්න බාගත වෙන වේගය වැඩියි. ඉතින් ඒ හන්දා හොදට සීඩ්ස් තියන ලින්ක් එකක් තෝර ගන්න ඕන.

2

3.ඊගාවට එන එකෙන් අපි තෝරගන්න ඕන ලගම වෙලාවක් ඒකියන්නේ ලගදිම කවෘහරි බාගත්ත ලින්ක් එකක්.ඒකත් බාගත වෙන වේගයට තරමක් වැදගත්. Kickass වගේ            සයිට් වලින් දෙන ටොරන්ට්ස් ගොඩාක් හොදයි.

3

ටොරන්ට් ෆයිල් එකක් බාගත කරගන්නේ කොහොමද ?

මේ කට ප්‍රධාන ක්‍රම දෙකක් ගැන මං කියන්නම් .

1.ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහනක් හරහා බාගත කරගැනීම.

ඒ කියන්නේ ටොරන්ට්ස් ෆයිල් ඩවුන්ලෝඩ් කර ගන්න උපකාරි වෙන වැඩසටහන් හරහා බාගත කරගන්න හැටි. මුලින්ම අපි මේ වර්ගේ වැඩසටහනක් බාගෙන ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඕන.පහළ තියන ලින්ක් වලින් ගිහින් කැමති වැඩසටහනක් බාගෙන කොම් එකටඉන්ස්ටෝල් කර ගන්නකෝ. ඉන්ස්ටෝල් කර ගන්න එකනම් සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කර ගන්නවා වගේමයි.

U Torrent
Bit Torrent
Vuze
Bit Commet

මේ වයින් මං අනුමත කරන්නේ නම් U Torrent හා Vuze කියන දෙක.

u torrent

Vuze

හරි අපි දැන් ටොරන්ට් ෆයිල් එකයි, ටොරන් ක්ලයන්ට් වැඩසටහනයි දාගෙනනේ ඉන්නේ.දැන් අපිට කරන්න තියෙන්නේ ටොරන්ට් ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන එක හරි
රයිට් ක්ලික් කරලා ගිහින් ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහන හරහා ඕපන් කර ගන්න එක හරි තමයි.ඊට පස්සේ ok  කරා නම් හරි.පහළ ස්ක්‍රීන් ෂොට් ටික බලන්නකෝ. U Torrent හරහා ටොරන්ට් ෆයිල් එක ඕපන් කර ගන්න හැටි.

Downloadin via U Torrent

Downloadin via Vuze

දැන් හරි ඉතින් අපිට තියෙන්නේ ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකන් බලන් ඉන්න එක තමයි.

2. IDM එක හරහා ඩවුන්ලෝඩ් කර ගැනීම…(Online Torrent Downloading Clients)

කට්ටිය කවුරුත් ගාව ඇතිනේ IDM නැත්නම් Internet Downloadin Manager එක. නැත්නම් ඒකත් පහළ ලින්ක් එකෙන් බාගන්නකෝ..

download_button හරි එහෙනම් IDM එක කාගවත් ඇති කියලා හිතා ගෙන මං කියන් යන්නම්.මේ වැඩේට අපි යොදා ගන්නේ වෙබ් සේවාවක්. පහළ ලින්ක් එකෙන් යන්නකෝ.  පහළ දෙක තුනක් ඇති. එයින් ඕන එකකින් පුළුවන්. ඒත් මුලින්ම තියන එක තමයි ලේසිම.

Zbigz

Boxopus

Filestream.me

Bytebx.com

Btcloud.io

මුල්ම එකෙන් වැඩේ කියලා දෙන්නම්කෝ… හැබැයි වැඩේ තියෙන්නේ free package එකෙන් බාගන්න පුළුවන් 1GB  ටොරන්ට් ෆයිල් තමා  උපරිමම.

හරි මෙකේ උඩම තියනවනේ ඔය upload your torreent කියල එකක් . ඒක ක්ලික් කරලා ඔයාලගේ බාගත්ත ටොරන්ට් ෆයිල් එක සිලෙක් කරලා ඕපන් කරගන්න.ඊගවට go button එක් ක්ලික් කරන්න.

4

දැන් එන එකෙන් free කියන එක සිලෙක්ට් කරන්න. premium speed උනාට සල්ලි තමයි ප්‍රශ්නේ. ඒ හන්දා free ම දෙන්න.

5

දැන් ටොරන්ට් එක අප්ලොඩ් වෙයි.ඊගාවට ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරලා ආපහු සැරයක් free කියන එක දුන්නම
IDM එකෙන් බොක්ස් එක එයි. දැන් start downloading දුන්නනම් වැඩේ හරි.

6

7

8

සැයු:- ඉහත බොහෝ කරුණු උපුටා ගත් ඒවා බව සළකන්න.

ගෙදරටම ඉන්ටර්නෙට් තිබුනත් ටොරන්ට් ඩවුන්ලෝඩ් කර ගන්න බැරි අයත් මට හමු වෙලා තියනවා. ඒහන්දා මේක ටිකක් වැදගත් වෙයි කියලා මට හිතෙනවා.

හරි එහෙනම් අදට අපි ගියා.

ජයෙන් ජය !

ලසා ( Laza )

වැඩේ හොදයි වගේනම් මෙතනින් ගිහින් පොඩි FB Like  එකක් දාන්න…

3 responses to “Torrent වලින් වැඩක් ගමු… සරලව…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )