සීමාවක් නැති සෙනෙහසකට නිමාවක් තිබිය හැකිද?…

ගොඩාක් කාලෙකට පස්සේ යංතම් බ්ලොග් එක පැත්තට ආවා…ඒත් දාන්න කියලා මුකුත් ඇත්තෙත් නෑ.

නිකමට වගේ මට හිතුනා තාත්තා ගැන කියවෙන සිංදු ටිකක් බාගෙන අහන්න…බලන්න…

නිකමට වගේ කියලා කිව්වත් ඇත්තටම ඒකට හේතුවක් තිබුනා.. මොකද මගේ හොදම යාළුවෙකුගේ තාත්තා මීට දින කිහිපයකට උඩදි අපෙන් සමු ගත්තා.ඒක තමයි මට මේ වගේ සිංදුවක් අහන්න මුලටම හේතු උනේ. ඔය සිංදුවකත් තියනවනෙ පියසෙනහසට කවි ගී ලියවුනා මදි කියලා කතාවක්.ඒකත් ඇත්ත තමයි.

ඒත් මං මේ දැන් කියපු ටිකයි මාතෘකාවට දාපු එකයි ටිකක් නොගැලෙපනවා වගේ නේද?

මං ඔය මාතෘකාවට දැම්මේ ඇත්තටම මට හිතුන ප්‍රශ්නයක්.

කට්ටිය දැකලා ඇතිනේ ඔය තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් නැති උන අවස්ථාවක “පිය සෙනෙහසක නිමාව” නැත්නම් “”මව් සෙනෙහසක නිමාව” වගේ වැකි ගහලා තීනවා.ඇත්තටම ඒක වෙන්න බැරි දෙයක්.

මරණයට පුලුවන්ද අපේ අම්මගෙ තාත්තගෙ ආදරය අපෙන් අයින් කරන්න.

ඔව්..පුළුවන්.. හැබැයි ඒකට අපිත් මැරෙන්න ඕන.

අපි ජීවත් වෙලා ඉන්නකන් මං නම් හිතන්නෙ නෑ ඔවුන්ගේ සෙනෙහස නිමා වෙයි කියලා.

නිහඬව අහන්න මේ ගීත පෙළ… විදින්න ඒ ගීත… 

 

 

 

 

 

 

 

 

 

 

 

මං හිතන්නේ තව ඕනි තරම් යූ ටියුබ් එකෙන් හොයා ගත හැකි වෙයි..

කොහොම උනත් අහිමි වෙන්න ට පෙර අම්මට තාත්තට දැනෙන්න ආදරේ  කරන්න..

ජයෙන් ජය! ලසා (Laza) 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )