Montage (2013) | අසීමාන්තික දරු සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

 

Montage-2013-

                                                                   එහෙනම් ඉතිං මාස නමයකට දහයකට විතර පස්සේ ආයුබෝවන් හැමෝටම. පහු ගිය ටිකේ උසස් පෙළ විභාගෙත් එක්ක කාර්‍යබහුල වෙලා හිටිය හන්දා (ඒක ඉතිං මොකට කියනවයි? ;) ) , උපසිරැසක් හදන්නවත් වෙලාවක් උනේ නැහැනෙ. කොහොමහරි කමක් නැ ඉතිං මගෙ විභාගෙ නම් නියමෙටම තිබුනා. හොඳ කොළ සෙට් එකක පැදුරක් වගේ ප්‍රශ්න පත්තරයක් නොවැ ලැබුණෙ. නියමෙටම නියමෙයි කියන්නේ මං මේ ආයේ පන්තිත් යනවා. හරි හරි ඔන්න අද මං ගෙනාපු උපසිරැසිය 2013 දී අළුත්ම කොරියාණු චිත්‍රපටියක්. ඒ කිව්වේ මං මේක බාර ගනිපු දවස් වල අළුත්ම එකක්. දැන් නම් ඉතිං ටිකාක් පරණයි. කොහොම උනත් වෙන කවුරුත් පහුගිය ටිකේ මේක බාර ගත්තේ නැති නිසා මං ඔන්න ඒක ඉවරයක් කරා.

කොහොම හරි කතාව ගැන කිව්වොත් මේක මං කැමතියි රහස් පරීක්ෂක, ප්‍රායෝගික හා සංවේදී කතාවක්  විදියට හදුන්වන්න.මේ කථාවේ සාරංශයක් කිව්වොත්, තමන්ගේ දරුවගෙ මරණයට නීතියෙන් සාධාරණයක් නොලැබෙන වෙලාවක තමන්ගෙ දරුවගෙ මරණයට වැරදිකරු නීතියට හසු කරවන්න කටයුතු කරන මවකගෙ කතාවක් තමයි අන්තර්ගත වෙන්නෙ. මං මේක ක්‍රියාදාම විදියට නැතුව ප්‍රයෝගික විදියට හැදින්නුවේ මේක තුල ක්‍රියාදාම අවස්ථා නැති  හන්දම නෙමෙයි. ඒත් මේක ගොඩක් දුරට සාමාන්‍ය ජීවිතේදි වෙන්න පුළුවන් සිද්ධියක තත්වෙන් තියන හන්දා. සුහ් ජින් කියන දරුවව පැහැරගෙන කප්පම ගන්න අවස්ථාවේ වෙන සිද්ධි දාමයක් නිසා ඒ දරුවා මරණයට පත්වීමත් සමඟ තමයි මේ කතාවේ ආරම්භය සිදු වෙන්නෙ. මේ පිළිබදව අවුරුදු 15ක් තිස්සෙ පොලීසිය කටයුතු කරත් නිවැරදි අපරාධකරු  හසු කර ගැනීමට අපොහොසත් වීමෙන් පසු එම අපරාධය පිළිබද සොයා බැලීම අවසන් කරන නීතිමය වලංගු කාල සීමාව අවසන් වීමත් සමඟම නැවතත් එවැනිම පැහැර ගැනීමක් සිදුවීම තුලින් තමයි මේ කථාව දිග හැරෙන්නේ. මේ ගැන සොයන්න කලින් සිද්ධිය විමර්ශණය කළ පොලිස් පරීක්ෂකයත් සම්බන්ධ වෙනවා.කිව්වා ඇති වගේ. කතාව බලලම  හොයා ගන්නකෝ කොහොමද සුහ් ජින්ගේ අම්මා මේකට සම්බන්ධ වෙන්නේ? ඇත්තම අපරාධකාරයා පොලීසියට කොටු වෙයිද? කියලා.

කොහොමෙන් කොහොම හරි මේ වෙනකොට ලංකාව ඇතුලේ PlayFull Kiss, Love Rain, Full House,Boys Over Flower වගේ කොරියාණු ටෙලි කතා අතිශයින් ජනප්‍රිය උනාට කොරියාණු චිත්‍රපට සදහා  නම් තවමත් තියෙන්නේ අඩු කැමැත්තක්. ටිකක් වෙනස් රසයන්ට කැමති අයට බලන්න කියලා ආරාධානාවක් කරගෙනම මං ගියා ඔන්න. ආහ් ! යන්න කලින් මතක් කරන්න ඕන කියමනක් තියෙනවා, ” අපරාධකාරයෙකුට සැමදාම නිතියෙන් ගැලවිය නොහැකිය ” කියලා. ඕක ඉතිං පොලීසියේ ජනප්‍රියි ආදර්ශ පාඨයක් වගේ එකක්නේ. කෝකටත් පරිස්සමින් ඈ!  :v  තවත් උපසිරැසියකින් හමුවන් තුරු ජයෙන් ජය !

සිංහල උපසිරැසි මෙතනින් ගන්න. 

Advertisements