Montage (2013) | අසීමාන්තික දරු සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

 

Montage-2013-

                                                                   එහෙනම් ඉතිං මාස නමයකට දහයකට විතර පස්සේ ආයුබෝවන් හැමෝටම. පහු ගිය ටිකේ උසස් පෙළ විභාගෙත් එක්ක කාර්‍යබහුල වෙලා හිටිය හන්දා (ඒක ඉතිං මොකට කියනවයි? ;) ) , උපසිරැසක් හදන්නවත් වෙලාවක් උනේ නැහැනෙ. කොහොමහරි කමක් නැ ඉතිං මගෙ විභාගෙ නම් නියමෙටම තිබුනා. හොඳ කොළ සෙට් එකක පැදුරක් වගේ ප්‍රශ්න පත්තරයක් නොවැ ලැබුණෙ. නියමෙටම නියමෙයි කියන්නේ මං මේ ආයේ පන්තිත් යනවා. හරි හරි ඔන්න අද මං ගෙනාපු උපසිරැසිය 2013 දී අළුත්ම කොරියාණු චිත්‍රපටියක්. ඒ කිව්වේ මං මේක බාර ගනිපු දවස් වල අළුත්ම එකක්. දැන් නම් ඉතිං ටිකාක් පරණයි. කොහොම උනත් වෙන කවුරුත් පහුගිය ටිකේ මේක බාර ගත්තේ නැති නිසා මං ඔන්න ඒක ඉවරයක් කරා.

කොහොම හරි කතාව ගැන කිව්වොත් මේක මං කැමතියි රහස් පරීක්ෂක, ප්‍රායෝගික හා සංවේදී කතාවක්  විදියට හදුන්වන්න.මේ කථාවේ සාරංශයක් කිව්වොත්, තමන්ගේ දරුවගෙ මරණයට නීතියෙන් සාධාරණයක් නොලැබෙන වෙලාවක තමන්ගෙ දරුවගෙ මරණයට වැරදිකරු නීතියට හසු කරවන්න කටයුතු කරන මවකගෙ කතාවක් තමයි අන්තර්ගත වෙන්නෙ. මං මේක ක්‍රියාදාම විදියට නැතුව ප්‍රයෝගික විදියට හැදින්නුවේ මේක තුල ක්‍රියාදාම අවස්ථා නැති  හන්දම නෙමෙයි. ඒත් මේක ගොඩක් දුරට සාමාන්‍ය ජීවිතේදි වෙන්න පුළුවන් සිද්ධියක තත්වෙන් තියන හන්දා. සුහ් ජින් කියන දරුවව පැහැරගෙන කප්පම ගන්න අවස්ථාවේ වෙන සිද්ධි දාමයක් නිසා ඒ දරුවා මරණයට පත්වීමත් සමඟ තමයි මේ කතාවේ ආරම්භය සිදු වෙන්නෙ. මේ පිළිබදව අවුරුදු 15ක් තිස්සෙ පොලීසිය කටයුතු කරත් නිවැරදි අපරාධකරු  හසු කර ගැනීමට අපොහොසත් වීමෙන් පසු එම අපරාධය පිළිබද සොයා බැලීම අවසන් කරන නීතිමය වලංගු කාල සීමාව අවසන් වීමත් සමඟම නැවතත් එවැනිම පැහැර ගැනීමක් සිදුවීම තුලින් තමයි මේ කථාව දිග හැරෙන්නේ. මේ ගැන සොයන්න කලින් සිද්ධිය විමර්ශණය කළ පොලිස් පරීක්ෂකයත් සම්බන්ධ වෙනවා.කිව්වා ඇති වගේ. කතාව බලලම  හොයා ගන්නකෝ කොහොමද සුහ් ජින්ගේ අම්මා මේකට සම්බන්ධ වෙන්නේ? ඇත්තම අපරාධකාරයා පොලීසියට කොටු වෙයිද? කියලා.

කොහොමෙන් කොහොම හරි මේ වෙනකොට ලංකාව ඇතුලේ PlayFull Kiss, Love Rain, Full House,Boys Over Flower වගේ කොරියාණු ටෙලි කතා අතිශයින් ජනප්‍රිය උනාට කොරියාණු චිත්‍රපට සදහා  නම් තවමත් තියෙන්නේ අඩු කැමැත්තක්. ටිකක් වෙනස් රසයන්ට කැමති අයට බලන්න කියලා ආරාධානාවක් කරගෙනම මං ගියා ඔන්න. ආහ් ! යන්න කලින් මතක් කරන්න ඕන කියමනක් තියෙනවා, ” අපරාධකාරයෙකුට සැමදාම නිතියෙන් ගැලවිය නොහැකිය ” කියලා. ඕක ඉතිං පොලීසියේ ජනප්‍රියි ආදර්ශ පාඨයක් වගේ එකක්නේ. කෝකටත් පරිස්සමින් ඈ!  :v  තවත් උපසිරැසියකින් හමුවන් තුරු ජයෙන් ජය !

සිංහල උපසිරැසි මෙතනින් ගන්න. 

Denikaina Ready (2013) | බලේ බලේ , සමඟි බලේ… [සිංහල උපසිරැසි සමඟ]

denikaina-ready-2013

කට්ටියටම මම ආයෙ ඔන්න තෙලිගු ෆිල්ම් එකක්ම අරගෙන ආවා. කලින් මම ගෙනාපු Doosukelthaaඑකේ සබ් එක 2500කට වඩා බාගෙන තිබුනා.. ඒකටත් බොහොම ස්තූතියි. මේකත් මට වැඩ හන්දා දෙන්න උනේ දවස් 2කට පස්සේ තමයි . කොහොම උනත් වැඩ අස්සෙම වැඩේ කරලා යන්තම් අද ඔන්න දෙනවා. ඉස්සරහට නම් ඉස්කෝලේත් පටන් ගත්ත හන්දා සබ් දෙන එක ටිකක් ආමාරු වෙයි. නිවාඩු ලැබෙන හැටියට සබ් එකක් දෙන්න බලන්නම්කෝ. මේකත් මට හසන්ත අයියම බාර දුන්න එකක්. මේ ලග දවසකම පිට උන එකක්.

මං එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්කෝ. කලින් එකේ වගේම මේකත් පවුල් ආරවුල් ගැන කියවෙන සුපිරිම කතාවක්. මේකෙත් ගිය පාර එකේ හිටපු නළු නිළියෝ ගොඩක්ම ඉන්නවා. කලින් එකේ කොල්ලා පවුලෙන් පිට ඉදන් කට්ටිය සමගි කරන එකනෙ කරේ. මේකෙදි අපේ කොල්ලත් පවුලෙම කෙනෙක්. මේකෙත් අර වගේම ආදර අන්දරයකුත් යනවා යටින්. වෙලාව මදි හන්දා වැඩි විස්තර කියන්න විදියක් නෑ. ආහ් තව සුපිරි සටන් ටිකකුත් තියේ…

කොහොම උනත් තෙලිගු ෆිල්ම් බලන නොබලන හැමෝටම හොද සුපිරිම ෆිල්ම් එකක්. බාගෙනම බලන්නකෝ.

පහළ ලින්ක් එකෙන් බයිස්කෝප් අඩවිය හරහා ෆිල්ම් එකයි සබ් එකයි බාගන්නකෝ…..

                                                          Denikaina Ready (2013) | බලේ බලේ , සමඟි බලේ… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් තව ලිපියකින් හමුවන තුරු,

ජයෙන් ජය!

වැඩේ හොදයි වගේනම් මෙතනින් ගිහින් පොඩි FB Like  එකක් දාන්න…

ලසා (Laza)

උදව්වට උදව්වක්… – Doosukeltha….

මගෙ දෙවනි උපසිරැස (Journey to the center of the earth) දාලා සතියක් යනවත් එක්කම වගේ ඔන්න මම අද මගේ තුන්වෙනි උපසිරැසත් ගෙනාවා. අද එක නම් මට හසන්ත අයියම කියපු එකක්. මේක නම් පරණ එකක් නෙවෙයි අළුත්ම තෙලිගු එකක්. මං කලින් හින්දි ඉංග්‍රීසි 2ක් කරපු හන්දා හසන්ත අයියා අහපු ගමන් වැඩේට කැමති උනා. ඒත් ඉතින් ලංකාවේ බල ශක්ති ප්‍රශ්න හන්දා මට වැඩේට දවස් 7ක්ම ගියා. මොකද අපේ පැත්තට දවස් දෙකක්ම කරන්ට් කැපුවනේ. ඒ ගැන මට පොඩි සමාවක් වෙන්න ඕනේ.

හරි එහෙනම් ෆිල්ම් එක් ගැන කියන්නම්කෝ. කලින් කිව්වා වගේම මේක ලගදිම නිකුත් උන එකක්. ඒ කියන්නේ 2013 මයි . කොහොමහරි කතාව පටන් ගන්නකොටම යන්නේ ආස හිතන දර්ශනයක් තමයි. ඒ මොකක්ද දන්නවද අපේ කතාවේ කොල්ලා , ඒ කියන්නේ චින්නා දුවනවා. මිනිහගේ පස්සෙන් සෙට් එකක් මරන්න එළවනවා. ඒක දැක්කට පස්සේ මටත් මාර ආසාවක් ආවේ මේ වඩේට. කොහොම හරි ඊගාවට කතාවේ අවුරුදු 13කට කලින් අපේ චින්නා මූණ දුන්න සිද්ධියක් යනවා. අපේ චින්නට පුංචි කාලෙදිම ගෑණු ළමයෙක් හම්බ වෙනවා. මේ ගෑණු ළමයා චින්නගේ ගමට ටික කාලෙකට එන්නේ පස්සේ. නම තමයි චින්නි. කොහොමහරි චින්නි එන ගමන්ම චින්නට පොඩි උදව්වක් කරනවා. මේකට ආපහු උදව් කරන්න ගිහින් දෙන්නටම ගමෙන් යන්න වෙන වැඩක් තමයි වෙන්නේ. චින්නිගෙ තාත්තා ලොකු ඒ වගේම මැර පවුලක කෙනෙක්. කතාවේ දුෂ්ඨයෝ ඔක්කොම ටික ඉන්නෙ ඒ ගෙදරම තමයි. කාලේ ගෙවිලා ගිහින් අපේ චින්නා පුවත්පත් වාර්තා කරුවෙක් වෙලා චින්නිගේ මාමා කෙනෙක්ගේ හොරයක් අල්ලන්න යනවා. වැඩේ කරලා එන වෙලාවේ වුන ටික තමයි අර කතාවේ මුලම පෙන්නන්නේ. කොහොමහරි ආයේ අපේ චින්නට චින්නි නොදැනම උදව් කරනවා. මේ උදව්වට ආයේ උදව් කරන්න ගිහින් වෙන දේවල් ටිකක් තමයි කතාවේ ඉස්සරහට, ඒ කියන්නේ රසම හරියට වෙන්නේ. බාගෙන බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි බලමුකෝ චින්නගෙයි චින්නිගෙයි දෛවය කොහොම එකක්ද කියලා…..

ඒ වගේම තව කියන්න ඕන ගොඩක් දෙමළ චිත්‍රපටිවල වගේ බලන්න ටිකක් කැමති නැති විදිහේ සටන් නෙවෙයි, බලන්න මාරම ආස හිතෙන විදිහේ සටන් ටිකක් තමයි මේකෙනම් තියෙන්නේ. ඒ වගේම ලස්සන ආදර කතාවකුත් මේ එක්කම යනවා. ඇයි ඒත් එක්කම අපිට දැකලා පුරුදු හාස්‍ය උත්පාදක නළුවෙකුත් මේ කතාවේ ඉන්නවා. ඔක්කොම ගත්තම මේක කාලෙකින් ආව හොදම තෙළිඟු චිත්‍රපටියක්. නොබැලුවොත් නම් වැඩක් නෑම තමයි.

හරි එහෙනම් තව සබ් එකක් අරන් හමුවෙන තුරු ජයෙන් ජය!

පහළ link එකෙන් ගිහින් බයිස්කෝප් අඩවිය හරහා සබ් එක බා ගන්නකෝ…

උදව්වට උදව්වක්… – Doosukeltha…. 

Doosukeltha-20131-555x250

ජයෙන් ජය!

ලසා (Laza)

වැඩේ හොදයි වගේනම් මෙතනින් ගිහින් පොඩි FB Like  එකක් දාන්න…

පොළව මැද්දෑවට යමුද? – Journey to the Center of the Earth …..

මාතෘකාවට කිව්වට ඉතින් මේක මේ ෆිල්ම් එකක් තමයි. ඔන්න මම මගේ දෙවනි සබ් එකත් දැම්මා. සමහර විට මේ ෆිල්ම් එක බලලත් ඇති. නියම විද්‍යා ප්‍රබන්ධයක්. බලපු නැති අය පහළ තියන link එකෙන් ගිහින් බයිස්කෝප් සංහලෙන් වෙබ් අඩවිය හරහා බාගෙනම බලන්නකෝ….

පොළව මැද්දෑවට යමුද? –  Journey to the Center of the Earth …..

Journey-to-the-Center-of-the-Earth-2008

 

ජයෙන් ජය!

ලසා (Laza)

වැඩේ හොදයි වගේනම් මෙතනින් ගිහින් පොඩි FB Like  එකක් දාන්න…

Prince 2010

හාපුරා කියලා මාත් සබ් එකක් හදලා බයිස්කෝප් මංසලට එකතු වුනා එහෙනම්… පහළ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ…

Prince (2010) මේ වැඩ පෙන්නන වේලාවයි… 

Prince-2010

එහෙනම් අපි ගියා…

ලසා (Laza)

වැඩේ හොදයි වගේනම් මෙතනින් ගිහින් පොඩි FB Like  එකක් දාන්න…