Audio CD කොම් එකට කොපි කරමු….

නිවාඩුවත් එක්කකම ලග ලගම ලිපි දෙක තුනක් දාන්න කියලා හිතුනා. ඒ හන්දා අන්තිමට දාපු ටොරන්ට් ගැන ලිපිය ගාවටම මගෙ නමවෙනි පෝස්ට් එකත් අද ගෙනාවා.ටොරන්ට් ලිපිය කියවපු නැති අය මෙතනින් ගිහින් ඒකත් බලන්නකෝ…මං අද දෙන්නේ ඕඩියෝ සීඩී කොම් එකට කොපි කර ගන්න උදව් වෙන මෘදුකාංගයක්.කට්ටියටම ඕන තරම් ඕඩියෝ සීඩී ලැබිලා ඇතිනෙ. ඒත් MP3 ගහපු ඒවදි වගේ මේවයි තියන සිංදු කොම් එකට කොපි කර ගන්න බෑ නේද? copy කරලා paste දුන්නනම වැටෙන්නේ shortcut එකක්නෙ නේද? හ්ම්.. හ්ම්.. ඒකට තමයි අපිට මේ මං අද කියන Audio Grabber වැඩසටහන ඕන වෙන්නේ. එහෙනම් පහළින් ඒක බාගන්නකෝ…

download_button

එහෙනම් බාගෙන කොම් එකට ඉන්ස්ටෝල් කර ගෙන බලන්නකෝ. ඒ වැඩේ නම් වෙන සොෆ්ට්වෙයාර් එකක් වගේමයි. ඔන්න  screenshot එකක් පහල  ඇති ඒකත් බලන්න.සොෆ්ට්වෙයාර් එක දා ගත්තම කරන්න ඕන එක නිකන්ම තේරෙයි. වැඩි විස්තර ඕන නෑ. පටන් ගන්නකොටම විස්තර ටිකක් පෙන්නනවත් එක්ක.

1

එහෙනම් අදට ඇති…

ජයෙන් ජය!

ලසා (Laza)

වැඩේ හොදයි වගේනම් මෙතනින් ගිහින් පොඩි FB Like  එකක් දාන්න…

Advertisements

Torrent වලින් වැඩක් ගමු… සරලව…

ටික දවසකට පස්සෙ ඔන්න එහෙනම් මං මගේ  අටවෙනි ලිපියත් දානවා. ගිය පාර මං කියලා දුන්නෙ රිකවරි වැඩසටහන් වලටත්
අහු නොවෙන්න ඩේටා ඩිලීට් කරන සොෆ්ට්වෙයාර් 2ක් ගැනනෙ.. ඒක කියවපු නැති අය මෙතනින් ගිහින් ඒ ගැනත් කියවන්නකෝ. හරි එහෙනම් අද මං කියලා දෙන්න යන්නෙ ටොරන්ට් ගැන. මුලින්ම කියන්න ඕන දෙයක් තියනවා. ඒ තමයි මේ ලිපියේ අඩංගු ගොඩක් කරුණු මං හොයා ගත්තෙත් සිංහල ඉංග්‍රීසී බ්ලොග් වලින් තමයි. ඒත් මේකෙන් මං කියල දෙන්නෙ ඒ ඔක්කොම ලිපි වල කරුණු වල සාරාංශයක් වගේම මටත් අහු වුන පොඩි පොඩි වැඩ ටිකකුත් එක්ක. ඊටත් කලින් ඒ බ්ලොග් වල අයිතිකරුවන්ට මගේ ස්තූතිය… මොකද මාත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තෙ ඔවුන්ගේ බ්ලොග් වලින් නිසා.

ටොරන්ට්  යනු, 

ඇත්තටම ටොරන්ට් ෆයිල් එකක් කියන්නේ ඉතාමත් කුඩා අඩු ධාරිතාවයකින් යුතු ෆයිල් එකක්. හැබැයි මේකේ අපිට ඕන ප්‍රමාණයක ධාරිතාවක් සහිත ෆිල්ම් එකක්, සොෆ්ට්වෙයාර් එකක් , ගේම් එකක්, නැත්නම් ඊ බුක් එකක් වැනි ඕනෑම දෙයක් පිළිබද තොරතුරු අඩංගු කර තබන්න තොරතුරු කිව්වේ ඒ අඩංගූ කරන ෆයිල් එකේ ධාරිතාවය, නම, ලින්ක් එක වගේ දේවල්. කොහොමහරි දුප්පත් අපි වගේ අයට ෆිල්ම්ස් හෙම ඩවුන්ලෝඩ් කරගන්න තියන පහසුම ක්‍රමේ තමා මේක.

ටොරන්ට් ෆයිල් එකක් හොයා ගන්නේ කොහෙන්ද?

මේ වැඩේට තමා ටොරන් සර්ච් එන්ජින්ස් තියෙන්නේ. පහළ තියන ලින්ක් වලින් ගිහින් සර්ච් එන්ජින් ටික බලන්නකෝ.

kickass
torrentz.eu
bitsnoop.com
www.torlock.com
thepiratebay.sx
www.torrents.to
extratorrent.cc

1.හරි ටොරන්ට් ෆයිල් එකක් සර්ච් කරනහැටිත් මං කියලම ඉන්නන්ම්කෝ.. මං වැඩේට පාවිච්චි කරන්නේ Torrentz.eu කියන එක. මුලින්ම අපි ටොරන්ට් සර්ච් එන්ජින් එකකට     ගිහින් අපිට ඕන කර ෆිල්ම් එක හරි මොකක්හරි එකේ නම ගහලා සර්ච් කරන්න ඕන.

1

2.ඊළගට එන ටොරන්ට්ස් ලිස්ට් එකෙන් අපි වැඩියෙන්ම peers  තියන ලින්ක් එකක් තෝර ගන්න ඕන. ඒ වගේම ඒකෙ හොදට සීඩ්ස් තියෙන්නත් ඕන.  සීඩ්ස් කිව්වේ අපි දැන් ඔය බාගත්තට පස්සේ ආපහු තවකට්ටියට දෙන අය ප්‍රමාණය කියන එක. ඒ ගාන වැඩි වෙන්න් වැඩි වෙන්න බාගත වෙන වේගය වැඩියි. ඉතින් ඒ හන්දා හොදට සීඩ්ස් තියන ලින්ක් එකක් තෝර ගන්න ඕන.

2

3.ඊගාවට එන එකෙන් අපි තෝරගන්න ඕන ලගම වෙලාවක් ඒකියන්නේ ලගදිම කවෘහරි බාගත්ත ලින්ක් එකක්.ඒකත් බාගත වෙන වේගයට තරමක් වැදගත්. Kickass වගේ            සයිට් වලින් දෙන ටොරන්ට්ස් ගොඩාක් හොදයි.

3

ටොරන්ට් ෆයිල් එකක් බාගත කරගන්නේ කොහොමද ?

මේ කට ප්‍රධාන ක්‍රම දෙකක් ගැන මං කියන්නම් .

1.ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහනක් හරහා බාගත කරගැනීම.

ඒ කියන්නේ ටොරන්ට්ස් ෆයිල් ඩවුන්ලෝඩ් කර ගන්න උපකාරි වෙන වැඩසටහන් හරහා බාගත කරගන්න හැටි. මුලින්ම අපි මේ වර්ගේ වැඩසටහනක් බාගෙන ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඕන.පහළ තියන ලින්ක් වලින් ගිහින් කැමති වැඩසටහනක් බාගෙන කොම් එකටඉන්ස්ටෝල් කර ගන්නකෝ. ඉන්ස්ටෝල් කර ගන්න එකනම් සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කර ගන්නවා වගේමයි.

U Torrent
Bit Torrent
Vuze
Bit Commet

මේ වයින් මං අනුමත කරන්නේ නම් U Torrent හා Vuze කියන දෙක.

u torrent

Vuze

හරි අපි දැන් ටොරන්ට් ෆයිල් එකයි, ටොරන් ක්ලයන්ට් වැඩසටහනයි දාගෙනනේ ඉන්නේ.දැන් අපිට කරන්න තියෙන්නේ ටොරන්ට් ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන එක හරි
රයිට් ක්ලික් කරලා ගිහින් ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහන හරහා ඕපන් කර ගන්න එක හරි තමයි.ඊට පස්සේ ok  කරා නම් හරි.පහළ ස්ක්‍රීන් ෂොට් ටික බලන්නකෝ. U Torrent හරහා ටොරන්ට් ෆයිල් එක ඕපන් කර ගන්න හැටි.

Downloadin via U Torrent

Downloadin via Vuze

දැන් හරි ඉතින් අපිට තියෙන්නේ ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකන් බලන් ඉන්න එක තමයි.

2. IDM එක හරහා ඩවුන්ලෝඩ් කර ගැනීම…(Online Torrent Downloading Clients)

කට්ටිය කවුරුත් ගාව ඇතිනේ IDM නැත්නම් Internet Downloadin Manager එක. නැත්නම් ඒකත් පහළ ලින්ක් එකෙන් බාගන්නකෝ..

download_button හරි එහෙනම් IDM එක කාගවත් ඇති කියලා හිතා ගෙන මං කියන් යන්නම්.මේ වැඩේට අපි යොදා ගන්නේ වෙබ් සේවාවක්. පහළ ලින්ක් එකෙන් යන්නකෝ.  පහළ දෙක තුනක් ඇති. එයින් ඕන එකකින් පුළුවන්. ඒත් මුලින්ම තියන එක තමයි ලේසිම.

Zbigz

Boxopus

Filestream.me

Bytebx.com

Btcloud.io

මුල්ම එකෙන් වැඩේ කියලා දෙන්නම්කෝ… හැබැයි වැඩේ තියෙන්නේ free package එකෙන් බාගන්න පුළුවන් 1GB  ටොරන්ට් ෆයිල් තමා  උපරිමම.

හරි මෙකේ උඩම තියනවනේ ඔය upload your torreent කියල එකක් . ඒක ක්ලික් කරලා ඔයාලගේ බාගත්ත ටොරන්ට් ෆයිල් එක සිලෙක් කරලා ඕපන් කරගන්න.ඊගවට go button එක් ක්ලික් කරන්න.

4

දැන් එන එකෙන් free කියන එක සිලෙක්ට් කරන්න. premium speed උනාට සල්ලි තමයි ප්‍රශ්නේ. ඒ හන්දා free ම දෙන්න.

5

දැන් ටොරන්ට් එක අප්ලොඩ් වෙයි.ඊගාවට ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරලා ආපහු සැරයක් free කියන එක දුන්නම
IDM එකෙන් බොක්ස් එක එයි. දැන් start downloading දුන්නනම් වැඩේ හරි.

6

7

8

සැයු:- ඉහත බොහෝ කරුණු උපුටා ගත් ඒවා බව සළකන්න.

ගෙදරටම ඉන්ටර්නෙට් තිබුනත් ටොරන්ට් ඩවුන්ලෝඩ් කර ගන්න බැරි අයත් මට හමු වෙලා තියනවා. ඒහන්දා මේක ටිකක් වැදගත් වෙයි කියලා මට හිතෙනවා.

හරි එහෙනම් අදට අපි ගියා.

ජයෙන් ජය !

ලසා ( Laza )

වැඩේ හොදයි වගේනම් මෙතනින් ගිහින් පොඩි FB Like  එකක් දාන්න…

Desktop එකට ලොකුවට වෙලාව දාගමුද?…

ඔන්න ගොඩක් දවසකට පස්සේ පොඩි වැඩ කෑල්ලක් ගෙනාවා. මේ දවස් වල ඉස්කෝලේ විභාගේ හන්දා වැඩිය මුකුත් කරන්න වෙලාව නෑ… හැබැයි ඒ පාඩම් කරන හන්දා කියලා වරදවා වටහා ගන්න එපා කස්ටිය ටික. එතකොට මාත් නිකන් බ්‍රයිටා වෙනවනේ… මේ මගෙ හත්වෙනි පෝස්ට් එක.

හරි හරි වෙලාව නෑ කිය කිය බයිලා  නොගහා  අද වැඩේට බහිමුකෝ…

ඔන්න අද මං කට්ටියට දෙන්නේ පුංචි ඇප් එකක්. ඩෙස්ක්ටොප් එකට ලොකුවට වෙලාවයි දිනෙයි දාන එක තමා මේකේ වැඩේ. වැඩි විස්තර ඕන  නෑ. පහළ ලින්ක් එකෙන් බාගෙන සාමාන්‍ය විදියටම ඉන්ස්ටෝල් කර ගන්න.

download_button

Capture

පහළ screen shot එකත්   බලන්න.

windows_8_clock_for_xp_vista_7_by_sanjeev18-d4ae1kr

අද වැඩිය කියවන්න වෙලාවක් නෑ යාළුවනේ… වෙලාව මදි හන්දා තමා මේ පුංචි පෝස්ට් එකක් දැම්මේ. ඊගාවට හොද එකක් දෙන්නම්කෝ.

එහෙනම් අපි ගියා…

ලසා (Laza)

වැඩේ හොදයි වගේනම් මෙතනින් ගිහින් පොඩි FB Like  එකක් දාන්න…

Recovery වැඩසටහන් වලටවත් අහුනොවෙන්න Data Delete කරමුද?…

ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ මං මගේ හයවෙනි පෝස්ට් එක ගෙනාවා. මං මේක ගැන කිව්වෙ නම් ඉතින් දැන් ගොඩක් දවසකට කලින් තමා. ඒත් වැඩ වැඩි උන හන්දයි තව මං මේ බ්ලොග් කලාව ගැන උනන්දු උන හන්දයි ඒකට වෙලාවක් හම්බ උනේ නෑ. කොහොමහරි ඉතින් ඔන්න අද මං මගේ ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න හදන්නේ. එහෙනම් අද වැඩේට බහිමුකෝ…අද මං කියලා දෙන්නේ රිකවරි වැඩසටහන් වලටවත් අහු නොවෙන විදියට ඩේටා ඩිලීට් කරන ක්‍රමයක් ගැන.ඊට කලින් බලපු නැති අය මෙතනින් ගිහින් මං රිකවරි වැඩසටහන් ගැන කරපු පෝස්ට් එක බලන්නකෝ.

හරි අද මේ වැඩේටත් මං යොදා ගන්නේ සොෆ්ට්වේයාර් එකක්ම තමා . දැන් මං කලින් රිකවරි පෝස්ට් එකේදී කියලා දුන්නනේ ඩිලීට් කරපුවා ආපහු ගන්න හැටි. ඒත් මේ වැඩසටහන් පාවිච්චි කරලා ඩිලීට් කරොත්නම් පුතේ ආයෙ ගන්නවා බොරු. හරි මං මේ වගේ වැඩසටහන් දෙකක් දෙන්නම්. මේ දෙකෙන් එකක් දා ගෙන කරන්න තියෙන්නෙ ඒක හරහා ඕන දේ ඩිලීට් කරන එක. එහෙම නැත්නම් ඩිලීට් කරන්න ඕන දේ මත රයිට් ක්ලික් කරලා ඒ සොෆ්ට්වෙයාර් එකට අදාලව තියන මෙනු එකෙන් ඩිලීට් දෙන එක විතරයි. එතකොට ඉතින් අයේ ගන්නවා නම් බොරු. අපිට මේක ගොඩක් වැදගත් වෙන්නෙ කොම් එක විකුනණ කොට තමා. ඇයි ඉතින් ෆෝර්මැට් කරත් කොම් එක ගන්න කෙනාට රිකවරි සොෆ්ට් එකක් දාලා අපේ තිබ්බ ඩේටා ආපහු ගන්න පුලුවන්නෙ. ඒකට තියන විසදුම තමා මෙයින් වැඩසටහනක් හරහා ඩිලීට් කරලා දාන එක. කිව්වා ඇති වගේ දැන්. එහෙනම් පහල තියන ලින්ක් වලින් දෙකෙන් එකක් බාගන්නකෝ..

මේකේ නම තමා Eraser . මෙන්න ලින්ක් එක.

download_button

ස්ක්‍රීන් ෂොට් ටිකත් බලන්න.

Eraser
මේක East Tec Eraser . මේකත් හොදයි. ඒ වගේම කලින් එකට වඩා වේගවත්. ඒත් මේකේ කී එක නම් මං ගාව නෑ. හැබැයි මට මතක හැටියට දවස් 30ක් විතර පාවිච්චි කරන්න පුලුවන් Active නොකර.

download_buttonස්ක්‍රීන් ෂොට් ටිකත් බලන්න.

ETEraser

හරි එහෙනම් අද වැඩෙත් ඉවරයි ඔන්න. තව හොද එකක් ඊළග දවසේ දෙන්නම්කෝ. ආහ් තවා යාළුවනේ මටත් තේරිලා තියෙන්නේ මේ බ්ලොග් එකේ අකුරු චූටි වැඩියි වගේ සීන්. ඒත් ඒවා හදන්න නම් බ්ලොග් එක කරන්න සල්ලි ගෙවන්න ඕන. අපිට කොයින්ද පූසෝ බැදපු මාළු කියලා හිතෙන්නේ ඔය වෙලාවට තමා. ඒත් මට දිනුජ කියලා අයියා කෙනෙක් බ්ලොග් හදන තව ක්‍රමයක් ගැන කියලා දුන්නා. ඒ අයියට පිං සිද්ධ වෙන්න මේ දවස් වල ඒ වැඩේට බැහැලා ඉන්නේ. ඉතින් වැඩේ ටිකක් හිට් වුන ගමන් බ්ලොග් එක ඒ ක්‍රමේට හරවනවා. එතකොට ඔය සීන් මග ඇරෙයි. එතකන් මාත් එක්කම ඉන්න.

ජයෙන් ජය!

ලසා (Laza)

වැඩේ හොදයි වගේනම් මෙතනින් ගිහින් පොඩි FB Like  එකක් දාන්න…

ලස්සන wallpaper එකතුවක් මෙන්න…

ලස්සන ස්භාවදහම   දැක්වෙන wallpaper සෙට් එකක් මෙන්න. අන්තිම පෝස්ට් එකේ කිව්ව විදියට රිකවරි වැඩසටහන් ගැන කියලා දෙන්න හිටියේ. ඒත් ඒ ගැන් ගොඩක් විස්තර ලියන්න ඕන හන්දා ඒක ටිකක් කල් දැම්මා. මේක අතරමැදි පෝස්ට් එකක් විදියට ගන්නකෝ. මේ සෙට් එක 50mb විතර. පහලින්  බාගෙන Extract  කරගන්නකෝ…

Extract Password එක hamadeema.wordpress.com කියල දෙන්න.

download_button

(සැ.යු.:- මෙම බ්ලොග් අඩවිය තුළ දී ඇති  link මගින්  යමක් බා ගත කර ගැනීමේදි ,පලමුව විවෘත වන window වෙහි  තත්පර 5කට පසු දකුනු පස ඉහල  දිස් වන ” Skip Ad” යන්න මත click  කිරීමෙන් පසුව අදාළ බාගත කිරීම් සිදු කර ගත හැක. )

wallpaper දෙක් තුනක් පහල දාලත් ඇති. ඒවත් බලන්න.

Naturel (122)

Purple Paradise

18 (8)

හරි , ඔන්න අපි ගියා….

ජයෙන් ජය!

ලසා (Laza)

වැඩේ හොදයි වගේනම් මෙතනින් ගිහින් පොඩි FB Like  එකක් දාන්න…

නැතිවූ දත්ත නැවත ලබා ගන්නා හැටි…

මෙන්න එහෙනම් මගේ පස්වෙනි ලිපියත් මං ටිකක් ඉක්මනටම ගෙනාවා. කලින් ලිපියෙන් මං කියලා දුන්නෙ ලැප්ටොප් වල බැටරි එක වැඩි කාලයක් පාවිච්චි කරන්න උදව් වෙන මෘදුකාංගයක් ගැනනේ. ඒක කලින් කියවපු නැති අය මෙතනින් ගිහින් ඒකත් කියවලාම බලන්නකෝ… මේ සතියෙත් මං කියලා දෙන්න යන්නෙත් ටිකක් විතර අලුත් සොෆ්ට්වෙයාර් එකක් ගැනම තමයි. හැබැයි ගොඩාක් අය මේ මෘදුකාංගය දැනටමත් පාවිච්චි කරනවා ඇති. ඒ උනත් දන්න නැති කස්ටියට මේක වැදගත් වෙයි. එහෙනම් අද වැඩේට බහිමුකෝ..

කස්ටිය දැනටමත් දන්නව ඇතිනේ අද මං කියන්නේ මොකාක් ගැනද කියලා. මාතෘකාවෙන් කියවෙන විදියටම අද මේ මං කියලා දෙන්නෙ ඩේටා රිකවරි වැඩසටහන් කිහිපයක් ගැන. කට්ටියම් දන්නවනේ අපි ඔය File හරි Folders හරි , Shift එකත් එක්ක Delete දුන්නම Recycle Bin එකේවත් හිටින්නේ නැති විදියටම
ඩිලීට් වෙලා යනවා කියලා. වැඩේ කරාට පස්සේ තම මතක් වෙන්නෙ මේක ආයෙමත් ඕන නේද? කියලා. ම්හ්… මේ වෙලාවට තමා අපිට මේ ඩේටා රිකවරි වැඩසටහන් ඕන වෙන්නේ. මේවයින් වෙන්නේ අපිට නැති වෙච්ච ඩේටා ආපහු ගන්න එක. හරි දැන් වැඩේ පැහැදිලි ඇතිනේ . මං දන්න හොද ඩේටා රිකවරි වැඩසටහන් දෙකක් තමා Recuva හා Power Data Recovery කියන එවා. එහෙනම් පහලින් ඒ දෙකෙන් එකක් ඩවුන්ලෝඩ් කර ගන්නකෝ….

Download Recuva

Download Recuva

Download Power Data Recovery

Download Power Data Recovery

මේ වැඩසටහන් දෙක වාඩාත් වැදගත් වෙන්නේ හාඩ් ඩිස්ක් එකේ තිවිලා හරි ෆ්ලෑෂ් ඩ්‍රයිව් වල තිබිලා හෝ ෆෝර්මැට් කර නැතිවුනු දත්ත ලබා ගැනීමට තමයි. තරමක් දුරට සිඩී ඩිවීඩීත් රිකවර් කරන්න පුලුවන්. නමුත් ඒ වැඩේට වඩාත්ම් ගැලපෙන වැඩසටහනක් තමා Dvdisaster කියන්නෙ. එහෙනම් ඒකත් පහලින් බාගෙන බලන්නකෝ.

Download Dvdisaster

Download Dvdisaster

හරි අදට මගේ වැඩ ඉවරයි එහෙමනම්. ඊළග එකෙන් මං මේවටත් අහු නොවෙන්න ඩේටා ඩිලීට් කරන හැටි කියලා දෙන්නම්කෝ. ආහ්.. තව ඔය අලුත් සිංදු ටිකකුත් ඉස්සරහට බ්ලොග් එකට දාන්න හිතන් ඉන්නවා. ඒ වගේම උපසිරැසි දෙක තුනකුත් දෙන්න බලන්න ඕන. හරි හරි ඉස්සරහට බලමුකෝ…
එතකන් ,

ජයෙන් ජය!

ලසා (Laza)

වැඩේ හොදයි වගේනම් මෙතනින් ගිහින් පොඩි FB Like  එකක් දාන්න…

Battery Care වැඩසටහන…

කොහොමද ඉතින්..ආහ්?.කලින් පෝස්ට් එකේ මං කියලා දුන්නෙ සිංහල උපසිරැසි හදන විදියනේ. ඒක බලපු නැති කස්ටිය මෙතනින් ගිහින් ඒක බලන්නකෝ…

එහෙනම් අද වැඩේට බහිමුකෝ…

ඔන්න මං ගිය පෝස්ට් එකේ කිව්ව වගේ මේ සතියේ ගෙනාවේ ලැප් පාවිච්චි කරන අයට ගොඩාක් වැදගත් වන සොෆ්ට්වෙයාර් එකක්.ලැප් එකක් පාවිච්චි කරන කොට එන ප්‍රධානම ගැටළුව බැටරිය ඉක්මනට බහින එකනේ. මේ ප්‍රශ්නෙ අලුත් බැටරියක් නොදා , ෂේප් කර ගන්න පුලුවන් බැටරි එක හොදට නඩත්තු කරොත්. ඒ කියන්නෙ ඔය මාසෙකට සැරයක් වගේ සම්පූර්ණෙන්ම බැටරිය බහින්න දීලා චාර්ජ් කරන් එක වගේ වැඩ. ඒත් ඉතින් අපිට තියන වැඩත් එක්ක (ඇති වැඩකුත් නෑ හැබැයි) ඕවා මතක් වෙනවයි නේද?.. ඒක හන්දා තමයි මේ Battery Care වැඩසටහන වැදගත් වෙන්නෙ.මේක බැටරි කළමණාකරන වැඩසටහනක්.මේ වැඩසටහන මගින් පවර් ප්ලෑන්ස් ක්‍රියාත්මක කිරීම වගේ වැඩ ගොඩක් කරන්න පුලුවන්. වැඩිය විස්තර කරන්න ඕන නෑ,මෙන්න එහෙනම් ලින්ක් එක ගිහින් බාගන්නකෝ…

download_button(සැ.යු.:- මෙම බ්ලොග් අඩවිය තුළ දී ඇති  link මගින්  යමක් බා ගත කර ගැනීමේදි ,පලමුව විවෘත වන window වෙහි  තත්පර 5කට පසු දකුනු පස ඉහල  දිස් වන ” Skip Ad” යන්න මත click  කිරීමෙන් පසුව අදාළ බාගත කිරීම් සිදු කර ගත හැක. )

බාගෙන සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කර ගෙන් පාවිච්චි කරන්න. මාත් පාවිච්චි කරන්නෙ ලැප් එකක් හන්දා මේ වැඩසටහන මටත් ගොඩක් ප්‍රයෝජනවත් වුනු එකක්.ඔයාලටත් වැදගත් වේවි සමහර විට. අදට වැඩ මෙතනින් ඉවරයි ඔන්න.

එහෙනම් තවත් වැදගත් දෙයක් එක්ක ලගදිම හමුවෙමු.

ජයෙන් ජය!

ලසා (laza)

වැඩේ හොදයි වගේනම් මෙතනින් ගිහින් පොඩි FB Like  එකක් දාන්න…